වාහන විත්ති (5)
විසිවන සියවසේ අග භාගයේ ඉතාලියේ උපන් මෙසරාටි පව්ලේ සහෝදරයන් වන 'ඇල්ෆීරි, බින්ඩෝ, කාලෝ, ඉටෝර් සහ අර්නෙස්ටෝ වාහන ගැන මහත්සේ උනන්දු වූ කාර්මික ඉංජිනේරුවන් වුහ. මෙසරාටි මෝටර් සමාගම ඔවුන් විසින් පිහිටුවන ලද්දකි.
දෙවන මහා ලෝක සංග්‍රාම අවදියේදී, මෙසරාටි සමාගම විසින් ඉතාලියේ ආඥාදායක බෙනිටෝ මුසොලීණි සඳහා සිලින්ඩර 16 මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. එය නිෂ්පාදනය කරන්නට ඔවුන්ට අවශ්‍ය වුයේ, වොක්ස් වැගන් සමාගම මගින් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සඳහා එවැනි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට පෙරය.
මෝටර් රථයේ ලකුණ වන 'ත්‍රිශුලය', රැගෙන ඇත්තේ, ඉතාලියේ බොලොන්නා (බෝලොඥඥා) නගරයේ ඇති පින්තුරයේ පෙන්වන නෙප්චුන් දෙවියා නිරුපණය කරන පිළිරුවෙනි...
මොටර් කාර්මික දැනුම ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/22
No comments:
Post a Comment