Tuesday, January 23, 2018

වාහන විත්ති (8) පෝශ් මෝටර් රථ

වාහන විත්ති 8
එයාර් බස් සමාගමේ, A 300 ගුවන් යානාවේ පාලන මැදිරිය හෙවත් 'කොක් පිට් ' එක නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ පෝශ් මෝටර් රථ සමාගමෙනි...

මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/23

වාහන විත්ති (7) ලැම්බෝගිනි 350GTV

වාහන විත්ති 7

ලැම්බෝගිනි සමාගමේ පළවන මෝටර් රථය වුයේ 350GTV යන රථයයි. ඉතාලියේ ටියුරින් හී තිබුණු ප්‍රදර්ශනයට රථය ඉදිරිපත් කරන විට, එහි එන්ජිමක් තිබුනේ නැත. එන්ජිමක් ඇති පෙන්වන්නට බොනට් එක යට ගඩොල් වැනි බර දේ තබා තිබුණි. මෙම වාහනය අසාර්ථක නිර්මාණයක් විය. එහෙත් එය එලෙස හෝ ඉදිරිපත් කලේ නැතිනම්, ෆෙරාරි සමාගමෙන් ප්‍රදර්ශනයට තබා තිබුණු වාහන වලට අභියෝගයක් නොවන්නට ඉඩ තිබිණ. දැනට එය ලැම්බෝගිනි කෞතුකාගාරයේ තියා ඇත... 

පසුව මෙම වාහනය ඇසුරෙන්, වඩා ප්‍රායෝගික 350 GT රථය නිර්මාණය විය...
මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/23

වාහන විත්ති (6) ජගුවාර් වාහනය

වාහන විත්ති (6)


  ලෝක ප්‍රසිද්ධ සුඛෝපභෝගී ජගුවාර් වාහනය මුලින්ම නිෂ්පාදනය කල සමාගමේ නම, 'Swallow side car company' නම් විය. එහෙත් මේ කාලයේදීම එනම් 1945 පමණ, හිට්ලර් ගේ නාසි SS හමුදාවටද (Schutzstaafel) මේ අකුරු දෙක තිබිණ. එසේ හෙයින් එම කොම්පැනියේ නම 'ජගුවාර්' යන ලෙස වෙනස් කරන්නට තීරණය කිරීමට සිදුවිය...
මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/22

වාහන විත්ති (5) මෙසරාටි මෝටර් රථ


වාහන විත්ති (5)


විසිවන සියවසේ අග භාගයේ ඉතාලියේ උපන් මෙසරාටි පව්ලේ සහෝදරයන් වන 'ඇල්ෆීරි, බින්ඩෝ, කාලෝ, ඉටෝර් සහ අර්නෙස්ටෝ වාහන ගැන මහත්සේ උනන්දු වූ කාර්මික ඉංජිනේරුවන් වුහ. මෙසරාටි මෝටර් සමාගම ඔවුන් විසින් පිහිටුවන ලද්දකි.
දෙවන මහා ලෝක සංග්‍රාම අවදියේදී, මෙසරාටි සමාගම විසින් ඉතාලියේ ආඥාදායක බෙනිටෝ මුසොලීණි සඳහා සිලින්ඩර 16 මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට උත්සාහ කළද එය අසාර්ථක විය. එය නිෂ්පාදනය කරන්නට ඔවුන්ට අවශ්‍ය වුයේ, වොක්ස් වැගන් සමාගම මගින් ජර්මනියේ ඇඩොල්ෆ් හිට්ලර් සඳහා එවැනි මෝටර් රථයක් නිෂ්පාදනය කිරීමට පෙරය.
මෝටර් රථයේ ලකුණ වන 'ත්‍රිශුලය', රැගෙන ඇත්තේ, ඉතාලියේ බොලොන්නා (බෝලොඥඥා) නගරයේ ඇති පින්තුරයේ පෙන්වන නෙප්චුන් දෙවියා නිරුපණය කරන පිළිරුවෙනි...

මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/22

වාහන විත්ති (4) ලැම්බෝගිනි සමාගම මුලින් නිෂ්පාදනය කල ට්‍රැක්ටරය.

වාහන විත්ති (4)




ලැම්බෝගිනි සමාගම මුලින් නිෂ්පාදනය කල ට්‍රැක්ටරය. 

සුප්‍රසිද්ධ ෆෙරාරි මෝටර් රථ සමාගමේ අධිපති වූ එන්සෝ ෆෙරාරි විසින්, ලැම්බෝගිනි සමාගමේ අධිපති වන ෆෙරුශියෝ ලැම්බෝගිනි අවඥාවට ලක් කළේය. ඒ සිදුවීම, ප්‍රථම ලැම්බෝගිනි මෝටර් රථය නිෂ්පාදනය කිරීමට ප්‍රධාන හේතුව විය...

එය ලැම්බෝගිනි 350 GTV විය...


මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/22

වාහන විත්ති (3) පෝර්ෂ් වාහන

වාහන විත්ති (3)



'පෝර්ෂ්' වාහන නිෂ්පාදකයන්, ඔවුන්ගේ ප්‍රථම හයිබ්‍රිඩ් මෝටර් රථය නිෂ්පාදනය කලේ 1889 වසරේදීය. මේ කාලයේ දියුණු වූ මෝටර් රථ සමාගම්, ඒ ආකාරයට හයිබ්‍රිඩ් මෝටර් රථ නිෂ්පාදනය කලේ නම්, අද දින හයිඩ්රෝ කාබන් දහනයෙන් වන හරිත වායු ප්‍රශ්න සහ පරිසරය දුෂනය වීම ලෝකයේ බොහෝ දුරට අඩු වන්නට තිබිණ...


මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්
ලලත් කරුණාරත්න විසින්
2015/11/22

වාහන විත්ති (2) අවුඩි වාහන

වාහන විත්ති (2)



මෙම මෝටර් රථයට ඉදිරියට ගියර් 8ක් ඇත. V6, V8 සහ W12 වර්ගයේ එන්ජින් සවි කර ඇති වාහන තුන් වර්ගයකි. මේ රථයේ අන්තර් ජාළ සම්බන්දය ඇති අතර, අවුඩි සමාගමෙන් ප්‍රථම වරට 'ගූගල් අර්ත්' සම්බන්දය ලබා දී ඇත. 

*** V6 එන්ජිම ලීටර් 3කින් යුතුව, සුපර් චාර්ජරය සවිකර ඇති අතර අශ්ව බල 333 ක්, සහ අඩි රාත්තල් 328ක ටෝර්ක් එකක් ඇත. 
*** V8 එන්ජිම ලීටර් 4 කින් යුතුව, ටර්බෝ දෙකක් සවිකර අශ්ව බල 435 ක්, සහ අඩි රාත්තල් 444ක ටෝර්ක් එකක් ඇත.
*** W12 එන්ජිම ලීටර 6.3 කින් යුතුව අශ්ව බල 500 ක් සහ අඩි රාත්තල් 463 ක ටෝර්ක් එකක් ඇත. සීට් වල හිඳ ගන්නා පුද්ගලයාට, එහි සවි කර ඇති මසාජ් කිරීමේ උපකරණ භාවිතා කළ හැක.

අවුඩි A8 රථයේ ඇතුලත සීට් සහ කුෂන් වැඩ සඳහා මැහුම් පොටවල් 36,520ක් යොදා ඇත....!!!!



මොටර් කාර්මික දැනුම  ෆේස්බුක් සමූහය වෙනුවෙන්

ලලත් කරුණාරත්න විසින්
2015/11/21

වාහන විත්ති (8) පෝශ් මෝටර් රථ

වාහන විත්ති 8 එයාර් බස් සමාගමේ, A 300 ගුවන් යානාවේ පාලන මැදිරිය හෙවත් 'කොක් පිට් ' එක නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ පෝශ් මෝටර් රථ සම...